පොල් ගෙඩි 20ක් හොරකම් කළ වරදට අවුරුදු 10ක සිර දඬුවමක්.!

2021 වර්ෂයේ ජනවාරි මස 31 හෝ ඊට ආසන්න දිනයකදී දිවුලපිටිය ප්‍රදේශයේ දී පොල්ගෙඩි 20 ක් සොරකම් කළ කෙහෙල්ඇල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ සුමිත් රංජිත් ජයලත් නැමැති එක්දරු පියකු ට මෙසේ අත්හිටවූ සිර දඬුවම් නියම කෙරුණි.

කෙහෙල්ඇල්ල ප්‍රදේශයේ වත්තකට ඇතුල්වී රුපියල් 1200 ක් වටිනා පොල් ගෙඩි 20 ක් සොරකම් කිරීමට එරෙහිව චූදිතයාට නඩු පවරා තිබුණි.

මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී තේනබදු මහත්මිය චුදිතයාට පෙර වැරදි නොමැති බවට ඇගිලි සටහන් වාර්තා අනුව සනාථ වී ඇති හෙයින් බරපතළ වැඩ ඇතිව එක් වසරක සිර දඬුවම වසර 10 කට අත්හිටුවන ලෙසට නියම කළාය.ඒ අනුව චූදිතයාට බරපතල වැඩ ඇතුව එක් වසරක සිරදඬුවමක් නියම විය.

Loading

 
 
 
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close