කොළඹ හිටපු නාගරික කොමසාරිස් සැප දාලා යන්න බෑ කියයි.. තාම නිල නිවසේ.!

කොළඹ හිටපු නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන සේවයෙන් විශ්‍රාම ලබා ඇතත් මෙතෙක් නගර සභා නිල නිවස භාරදී නැතැයි කොළඹ මහ නගර සභාවේ ආරංචි මාර්ග වාර්තා කරයි.

විශ්‍රාම යෑමෙන් පසු කොන්ත්‍රාත් පදනම මත වයස අවුරුදු 63 දක්වා කොළඹ නාගරික කොමසාරිස් ධුරයේ කටයුතු කළ ඇය පසුගිය නොවැම්බර් (04) වැනිදා සිට විශ්‍රාම ලබා ඇතත් මේ දක්වා පදිංචි නිල නිවෙස භාරදී නැතැයිද වාර්තා වේ.

මේ පිළිබඳව කොළඹ හිටපු නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධනට සිහි කැඳවීම් ලිපි දෙකක් යවා ඇතත් මේ දක්වා ඊට පිළිතුරු සපයා නැතැයිද වාර්තා වේ.

Loading

Tell me 💬
Notify of
guest
6 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.