කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී කොළඹ නව දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස පත්කළ කේ. ජී. විජේසිරි එම ධුරයේ වැඩ භාරගෙන ඇත.
නව දිස්ත්‍රික් ලේකම්වරයා වන විජේසිරි රාජ්‍ය පරිපාලන සේවයේ වසර 35ක අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වේ.
ඔහු මීට පෙර පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරයා ලෙසත් අනතුරුව මහවැලි රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත් සේවයේ නිරත වී ඇත.