මාසික වැටුප් ගැන හොයන්න ජනපතිගෙන් කමිටුවක්.!

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මහ බැංකුවේ වැටුප් වැඩිවීම සමාලෝචනය කිරීම සඳහා ස්වාධීන වේතන කමිටුවක් පත් කර ඇත.

කෝප් කමිටු (COPF) වාර්තාවේ නිර්දේශය මත පදනම්ව මහ බැංකුවේ වැටුප් වැඩිවීම පිළිබඳ මෙම කමිටුව පත් කර ඇති බව ජනාධිපති කාර්යාලය සදහන් කරයි.

මෙම නව කමිටුවේ සාමාජිකයන් ලෙස දිනේෂ්  වීරකොඩි, අර්ජුන හේරත්, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, සුධර්මා කරුණාරත්න, ඇන්තනි නිහාල් ෆොන්සේක, අනුෂ්ක එස් විජේසිංහ, දුමින්ද හුලංගමුව පත් කර ඇත.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement