අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල තවත් අඩු කරයි.!

අද (08) දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අවුරුදු සමය වෙනුවෙන් ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කර ඇත.

ඒ අනුව රතු පරිප්පු කිලෝවක් රුපියල් 7කින් සහ සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 3කින් අඩුකර ඇති බව ලංකා සතොස සදහන් කරයි.

චීනයෙන් ආනයනය කළ බී ලූනු කිලෝවක මිල රුපියල් 120කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 375ක් වේ.

ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් ආනයනය කරන ලද බී ලූනු කිලෝවක මිල රුපියල් 50කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 445ක් වේ.

වියලි මිරිස් කිලෝවක් රුපියල් 300කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 850ක් වේ.

සුදු ලූනු කිලෝවක් රුපියල් 15කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 680ක් වේ.

අර්තාපල් කිලෝවක් රුපියල් 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 165ක් වේ.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement