සභාපතිට විරෝධය.. කෝප් ⁣කමිටුවෙන් 08ක් ඉල්ලා අස්වෙයි.!

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වර්ජනය කිරීමට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් රැසක් තීරණය කර ඇත.

කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පත්කිරීමට විරෝධය පළ කිරීමට මෙම පියවර ගෙන ඇති අතර පාර්ලිමේන්තු කෝප් කමිටුවේ සාමාජිකයින් 8 දෙනෙකු මේ වනවිට ඉල්ලා අස් වී ඇත.

ඒ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් ඉල්ලා අස්වී ඇත.

තවද සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ ඉල්ලා අස් වී ඇත.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close