කෝප් කමිටුවේ සභාපති ධුරයට පත්කළ යුත්තේ උගත්, නඩු සහ චෝදනා නැති කෙනෙක්.!

පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති ධුරය සදහා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පත් කිරීම හේතුවෙන් එම කමිටුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 11 දෙනෙක් මේ වනවිට ඉල්ලා අස්වී ඇත.

කෝප් කමිටුව 1979 වසරේ පිහිට වූ අතර මෙම කමිටුවට අවුරුදු 45ක් වන බවත් රජය සතු ව්‍යවසායයන් සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ඉදිරිපත් කරන වාර්තාව මත පදනම්ව ඒ ආයතන සම්බන්ධයෙන් කෝප් කමිටුව සොයා බලන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න සදහන් කරයි.

කමිටුව සදහා පත් කළ යුත්තේ විෂය ගැන අවබෝධයක් තිබෙන පුද්ගලයින්, අධ්‍යාපන දැනුම ඇති පුද්ගලයින්, අත්දැකීම් තිබෙන පුද්ගලයින් සහ එම තනතුරු දැරීම සඳහා සදාචාරාත්මක හැකියාවක් තිබීම වැදගත් බවද මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න සදහන් කරයි.

මෙම කෝප් කමිටුවේ සභාපති ධුරයට පත් කළ යුත්තේ, චෝදනා නැති පුද්ගලයෙක්, නඩු නැති පුද්ගලයෙක්, නඩුවලින් වැරදිකරුවන් නොකළ පුද්ගලයෙක් බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

කෝප් කමිටුව, කෝපා කමිටුව හා රජයේ මුදල් කාරක සභාව යන කමිටු තුනේම සභාපති ධුරය විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදිය යුතු බවට වන සම්ප්‍රදායක් ඇති කිරීමට පසුගිය 2015 – 2019 කාලයේ උත්සාහ කළ බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පුවත්පතක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සදහන් කරයි.

Loading

RSS