කැත අය ලස්සන වෙන්නත් ලස්සන අය කැත වෙන්නත් කලින් දිනේ බලන්න.!

පාරිභෝගික කටයුතු අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන අශයට ලැබුණ තොරතුරකට අනුව අද (08) සිදු කළ විමර්ශනයක දී විශේෂ අඩු මිල ගනන් සහිතව අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර තිබු කල් ඉකුත් වූ රූපලාවණ්‍ය නිෂ්පාදන සහ ළදරු සනීපාරක්ෂක ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.

එම භාණ්ඩ තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 50කට අධික බව පාරිභෝගික අධිකාරිය සඳහන් කළේය.

මෙම වැටලීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ජයන්ති විජේතුංග, වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ, අධිකාරියේ විමර්ශන නිලධාරීන් වන චතුර හේරත්, ඉරේෂ් හේමන්ත සහ ඩි.ඩි.ඒ ප්‍රනාන්දු යන නිලධාරීන්ගේ මූලිකත්වයෙන් සිදුකල බව පාරිභෝගික අධිකාරිය පැවසීය.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement