මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් සඳහා නව කොවිඩ් නීති පැනවීමේ අවශ්‍යාතාවක් නොමැති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු සදහන් කරයි.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, සෞඛ්‍ය බලධාරීන් සහ සංචාරක ක්ෂේත්රයේ ආයතන සමග පැවති සාකච්ඡාවකදී අවසන් එකඟතාවයකට එළඹ ඇති බවද සභාපතිවරයා සදහන් කරයි.
විදෙස් සංචාරකයින් සඳහා නව කොවිඩ් පාලන ක්‍රමවේද හඳුන්වාදීමට සංචාරක සංවර්ධන අධිකාරිය පසුගිය 17 වැනිදා කටයුතු කළත් එය පසුව, 20 වනදා දක්වා කල් දැමීමට පියවර ගත්තේය.
පවතින තත්ත්වයන් සැලකිල්ලට ගෙන නව නීති මාලාවක් පැනවීමේ අවශ්‍යතාවක් නොමැති බවට හඳුනාගෙන ඇති බවද සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු සඳහන් කරයි.