ක්‍රෙඩිට් කාඩ්පත් සම්බන්ධයෙන් දැනුම්දීමක්.!

මෙම 2023 වසරේ මුල් මාස දෙක තුළදී ශ්‍රී ලංකාවේ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයේ සැලකිය යුතු පහළ යාමක් වාර්තා වන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ.

මෙය පූර්ව මාසයට සාපේක්ෂව මෙම 2023 වසරේ ජනවාරි මාසය තුළදී ක්‍රෙඩිට් කාඩ්පත් 10,719 ක සහ 2023 පෙබරවාරි මාසය තුළදී ක්‍රෙඩිට් කාඩ්පත් 1,400 ක අඩු වීමක් බවද එම වාර්තාව සදහන් කරයි.

පසුගිය 2022 වසරේ දෙසැම්බර් මාසය අවසන් වන විට ශ්‍රී ලංකාව තුළ සමස්ත සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය 1,952,991 ක් ලෙසින් වාර්තා වී ඇති බවද එම වාර්තාව සදහන් කරයි.

එහෙත් 2023 ජනවාරි මාසය අවසන් වන විට 1,942,272 ක් දක්වාත්, 2023 පෙබරවාරි මාසය අවසන් වන විට 1,940,872 ක් දක්වාත් පහළ ගොස් ඇති බවද එම වාර්තාව සදහන් කරයි.

මේ අතර මෙකී ක්‍රෙඩිට් කාඩ්පත් වෙනුවෙන් ගෙවීමට ඇති මුළු හිඟ මුදල් ප්‍රමාණය 2022 දෙසැම්බර් මාසය අවසන් වන රු. මිලියන 143,098 ක් ලෙසින් වාර්තා වේ.

ක්‍රෙඩිට් කාඩ්පත් වෙනුවෙන් ගෙවීමට ඇති හිඟ මුදල් ප්‍රමාණය 2023 ජනවාරි මාසය අවසන් වනවිට රු. මිලියන 142,061 ක් දක්වාත්, 2023 පෙබරවාරි මාසය අවසන් වනවිට රු. මිලියන 141,001 ක් දක්වාත් අඩු වී ඇති බවද සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close