ශ්‍රී ලංකාවට සුපිරි ජයක්.!

අද (07) දින සුපිරි හය දෙනාගේ අවසන් තරගය ලෙස ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 08ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 48යි පන්දු එකකදී සියලුදෙනා දැවී ලකුණු 243ක් ලබා ගැනීමට සමත් විය.

තරගයේ පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ ලකුණු 34කට කඩුලු 04ක් දවාගැනීමට සමත් වු අතර දුෂාන් හේමන්ත ලකුණු 49කට කඩුලු 02ක් දවාගත්තේය.

අනතුරුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පැතුම් නිස්සංක සහ දිමුත් කරුණාරත්න දෙදෙනා ලකුණු 192ක අතිවිශිෂ්ට අරම්භක සබඳතාවක් පළමු කඩුල්ල සඳහා රැස් කළේය.

පැතුම් නිස්සංක හතරේ පහර 14ක් සමඟ අගනා ශතකයක් ලබා ගැනීමට සමත් වූ අතර දිමුත් කරුණාරත්න ලකුණු 83ක් ලබා සිටියදී දැවී ගියේය.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close