ශ්‍රී ලංකාව තෝරාගැනීමේ කණ්ඩායම් අතරට දමා නවසීලන්තය ජයගනී.!

අද පැවති තෙවැනි සහ අවසාන එක්දින ජාත්‍යන්තර තරගයේදී ශ්‍රී ලංකාව පරදා කඩුලු 6කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 41.3කදී සියලු දෙනා දැවී ලකුණු 157ක් ලබාගත් අතර නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 32යි පන්දු 5ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 159ක් ලබාගනිමින් ජයග්‍රහණය කරයි.

මෙම තරගාවලියේ දෙවන තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමු අතර අද තරගයෙන් ලැබු ජයග්‍රහණයත් සමග නවසීලන්ත කණ්ඩායම 2-0 ලෙස තරගාවලියේ ජය හිමිකර ගත්තේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලියේ පළමු කණ්ඩායම් 10 අතරට සෘජුවම එක්වීමට තිබු අවසාන අවස්ථාව අහිමි විය.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close