ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ලෝක වාර්තාවක්.!

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අවසානයේ ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 531ක් රැස් කළේය.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 92ක් රැස්කරගත් අතර ඔහු ක්‍රිඩාකළ ටෙස්ට් ඉනිම් හතර තුළදී ලකුණු 419ක් රැස්කරගෙන ලෝක වාර්තාවක් සම කළේය.

1976 වසරේදී පාකිස්තානයේ ජාවේඩ් මියැන්ඩාඩ් පළමු ටෙස්ට් ඉනිම් හතර තුළ වාර්තා කල ලකුණු 419ය සම කිරීමට කමිඳු මෙන්ඩිස් සමත් වු අතර පළමු ටෙස්ට් ඉනිම 4 තුළදී අර්ධ ශතක වාර්තා කළ ලොව තුන්වැනි ක්‍රිඩකයා ලෙසටද වාර්තා අතරට එක්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 531ක් ලබාගත් අතර ටෙස්ට් ඉනිමකදී ක්‍රිඩකයෙක් ශතකයක් වාර්තා නොකර කණ්ඩායමක් ටෙස්ට් ඉතිහාසයකදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසට වාර්තා අතරට එක්විය.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close