වසර කිහිපයකට පසුව සුපිරි ක්‍රීඩකයා කැදවයි.!

එළඹෙන (17) වනදා ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට නියමිතව ඇත.

ඒ අනුව 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ විස්සයි විස්ස සංචිතයට වේග පන්දු යවන බිනුර ප්‍රනාන්දු වසර කිහිපයකට පසුව කැඳවා ඇත.

ආබාධයකට ලක්ව සිටි වමතින් වේග පන්දු යවන බිනුර ප්‍රනාන්දු පසුගිය 2022 වසරේ ඔක්තෝබර් මාසයෙන් පසුව විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර නොමැත.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close