තරුණයින් දෙදෙනෙකුගේ මලසිරුරු මිනුවන්ගැටෙන් හමුවේ.!

වයස අවුරුදු 23 හා 35 ක් වන මෙම තරුණයින් දෙදෙනා දින 03 ක සිට අතුරදහන්ව සිට ඇත.

වල්පාලුව ගම්වාසීන් විසින් ඔවුන් සොයා සෝදිසි කරමින් සිටින අතරතුර වැව් කොටුවක් තුලින් ඔවුන්ගේ සිරුරු අද (12) සොයාගන්නා ලදි.

ප්‍රදේශයේ සොරකම් කිහිපයක්ම සිදුවූ බවත් මොවුන් දෙදෙනා ඊට සම්බන්ධ බව ප්‍රදේශවාසීන් පවසයි.

මරනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලිස් නිල සුනඛයන් යොදාගනිමින් පොලිස් පරීක්ෂණ දිගටම සිදුවෙමින් පවතී.

Loading

RSS