මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි රේගු නිලධාරීන්ට, රේගුවට තොරතුරු සපයන්නට රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක් 2012 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා කාලයේදී ත්‍යාග මුදල් වශයෙන් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය සදහන් කරයි.
නිලධාරීන්ට අතිකාල අරමුදලින් කෝටි 200කට ආසන්න මුදලක් 2021 සහ 2023 වර්ෂවලදී ගෙවා ඇති බවත් විමර්ශන සඳහා දායකත්වයක් නොදක්වන නිලධාරීන් සඳහාද ත්‍යාග ලැබෙන ආකාරයෙන් අභ්‍යන්තර නියෝග සකස් කර ත්‍යාග ලබාදී තිබූ බවද විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සදහන් වේ.
රාජකාරීමය අනාවරණය කර ගැනීම් රේගු වැරදි අනාවරණය කර ගැනීම් ලෙස සලකා කාර්යමණ්ඩලයට ත්‍යාග හිමිකම් ලබාදී තිබූ බවත් නිලධාරීන් රාජකාරියට වාර්තා කිරීම පමණක් කළද ඔවුනට වැටුප්, දිරි දීමනා සහ අතිකාල ලැබෙන බවද විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සදහන් වේ.