කට්ට කපටි දේශපාලඥයන්ගේ කතාවට මාත් රැවටුනා.!

රටේ සිටින කපටි දේශපාලඥයන්ට ඡන්දය ලබාදී රටේ ජනතාව වගේම තමාත් රැවටුනු බවත් ආයෙත් රැවටෙන්නේ නැති බවද අරලිය සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන සදහන් කරයි.

ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන තවදුරටත් සදහන් කළේ,

“මම කවදාවත් කිසිම දේශපාලන පක්ෂයක සාමාජිකත්වයක් තියෙන කෙනෙක් නෙමෙයි. නමුත් මේ රට ගොඩ ගන්නවා, දිව්‍ය ලෝකයක් කරනවා, මෙහෙම කරනවා, අරෙහෙම කරනවා කියපු මිනිස්සුන්ට රැවටිලා උන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සමස්ත ජනතාව මෙන්ම මාත් රැවටුනා එක්කෙනෙක් තමයි. ආයි රැවටෙන්නේ නැහැ.

අපි මේ රට හදන්න මේ දේශපාලඥයෝ විසින් ගේන න්‍යාය පත්‍රවල ඒ දේවල් විශ්වාස කරලා, මේ රටේ සමස්ත ජනතාව අද මේ පීඩාවට පත්වෙලා තියෙනවා දේශපාලනයෙන් තොර. හැබැයි මේ සියලුම ජනතාව, මේ ජනතාව, මේ කපටි දේශපාලඥයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ඡන්දේ දීපු මිනිස්සු.ඒ දුක තමයි, ඒ පව තමයි මේ විඳවන්නේ. ඒක තමයි මට කියන්න තියෙන්නේ. මමත් ඒක විඳවනවනේ.

ඊයේ, පෙරේදා මේ රටේ දේශීය කර්මාන්ත කරුවන්ගේ තත්වේ මොනවද.. රටේ දේශීය වී, ගොවි, ගොවිතැන් කරන නිෂ්පාදකයෙක්, වී ගොවියාගේ තත්වය අන්ත අසරණයි. ඒකට කවුරුහරි කෙනෙක් හොයාගන්නවා. විශේෂයෙන් මාව හොයාගන්නවා. රටක් පාලනය කරනවා කියන්නේ මේ එක එක්කෙනාගේ ව්‍යාපාරිකයින්ගේ යෝජනාවලට කැමති අකමැති වැඩ කරන එක නෙමෙයි. ඒක ඒක පාලනය කියන්නේ ඒකයි.

කවුරු වුණත් පාලනය කරන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. වර්තමාන ජනාධිපතිවරයාට මම පැහැදිලි ප්‍රකාශයක් කරා. ඇත්තටම මම ඒකත් මේ වෙලාවේ කියන්න ඕනේ. දැන් ඔය ලොකු ලොකු කතා කවුරු මොනවා කිව්වත් ගිය දෙසැම්බර් හත් වෙන්දා දවල් දොළහට මට ජනාධිපතිවරයා ඇපොයිමන්ට් එකක් දීලා තිබ්බා මම ඉල්ලීමක් කරලා තිබ්බා විශේෂයෙන්ම මේ රටේ වී ගොවියන්ගේ ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා කරන්න.”

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close