රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන් 15 දෙනකුකට අධික පිරිසකගෙන් රුපියල් ලක්ෂ 50කට අධික මුදලක් වංචා කළ බවට වරදකරු වූ කොළඹ 07 කුරුදුවත්ත රොස්මිඩ් පෙදෙසේ විදේශ රැකියා ඒජන්සියක හිමිකරුවකුට අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වසර 15ක සිරදඬුවමක් කරයි.
ජපන් රටේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින්ගෙන් වංචා කළ රුපියල් ලක්ෂ 50කට අධික මුදල යළි පැමිණීලිකරුවන්ට ගෙවන ලෙසත්, එසේ නොගෙවන්නේ නම් එක් නඩුවක් සදහා ගෙවිය යුතු මුදල වෙනුවෙන් මාස 06 බැගින් වසර හත හමාරක ලිහිල් සිරදඩුවමක්ද අධිකරණය විසින් නියම කරයි.
විදේශ රැකියා ඒජන්සියක හිමිකරුවකු වන නො. 25/ 27, ශ්‍රී විපුල සේන මාවත, මරදාන, කොළඹ 10 පදිංචි පුබුදු මනෝජ් රණවක පතිරණ හෙවත් ‘රොෂාන්’ නැමැත්තාට මෙලෙස සිරදඬුවම් නියම විය.