මහනුවර දළදා පෙරහැරේ දින ප්‍රකාශයට පත්කරයි.!

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වෙන දින සම්බන්ධයෙන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය එළඹෙන අගෝස්තු මස (17) වනදා සිට අගෝස්තු (31) වනදා දක්වා පැවැත්වෙන බව එම නිවේදනයේ සදහන් කර ඇත.

ඒ අනුව එළඹෙන අගෝස්තු (17) වනදා ඇසළ පෙරහැර මංගල්‍යය කප් සිටුවීම පෙරවරු 6.12 ට සිව් මහා දේවාලවල සිදුකිරීමට නියමිත අතර අගෝස්තු මස (21) –  (25) වනදා දක්වා කුඹල් පෙරහැර (26) – (30) වනදා දක්වා රන්දෝලි පෙරහැර පැවැත්වීමට නියමිතව ඇත.

අනතුරුව (31) වනදා දියකැපීමේ මංගල්‍යය සිදුකර එදිනම දහවල් පෙරහර සිදුකර එදින පස්වරුවේ ජනාධිපතිවරයාට පෙරහැර සංදේශය භාරදීම සිදුකිරීමට නියමිතව ඇත.

පාරම්පරිකව පැවත එන නර්තන, වාදන හා රංගන අංග රාශියකින් හා ඉපැරණි චාරිත්‍ර වලින් සමන්විත වන පෙරහැර ශ්‍රී ලාංකේය අනන්‍යතාව පිළිබිඹු කරන උත්සවයක් ලෙස සලකනු ලබයි. 

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close