පසුගියදා ඉන්දියාවේ සංචාරය කළ ත්‍රෛනිකායින මහා සංඝරත්නය ටිබෙටයේ අධ්‍යාත්මික නායක 14 වන දළයි ලාමාතුමාට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට කළ අරාධනයට චීන රජය දැඩි විරෝධයක් පළ කර ඇත.
සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමි බැහැදුටු වැඩ බලන චීන තානාපති හූ වේ සදහන් කර ඇත්තේ, චීන රජය ඕනෑම විදෙස් රටක් විසින් දළයි ලාමා නමින් සිටින පුද්ගලයෙකු පිළිගැනීම තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.
මෙම දළයි ලාමාතුමා හුදෙක් භික්ෂූන් වහන්සේ නමක් නොවන බවත් චීන විරෝධී කටයුතු වලට සම්බන්ධ සහ ටිබෙටය චීනයෙන් වෙන්කිරීමට උත්සාහ කරන ආගමික වෙස්ගත් දේශපාලන පුද්ගලයෙකු බවද චීන වැඩ බලන තානාපතිවරයා සදහන් කරයි.
චීන රජය හා ශ්‍රී ලංකාව සැමවිටම එකිනෙකාට යහපත් ලෙස සහයෝගය දක්වන රටවල් දෙකක් බැවින් බෞද්ධ ජනතාව විසින් දළයි ලාමා සිදු සිදුකිරීමට පෙළෙඹෙන මේ සංචාරය වැළැක්විය යුතු බවද චීන වැඩ බලන තානාපතිවරයා සදහන් කරයි.