හෙළිකොප්ටරය දෙකට කැඩෙයි.. ඩලස් ඉවත් වෙයි.!

රටේ විපක්ෂයේ සිටින කණ්ඩායම් කිහිපයක් එකතු කරගනිමින් බිහි කරන ලද නිදහස් ජනතා සන්ධානයෙන් ඩලස් අලහප්පෙරුම ප්‍රමුඛ නිදහස ජනතා සභාව ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

2023 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එම පක්ෂ එකතු වී හෙලිකොප්ටරය ලකුණින් සන්ධානගත වී මැතිවරණය සඳහා තරඟ වැදීමට කටයුතු කළේය.

ඩලස් අලහප්පෙරුම සහ ජී.එල්.පීරිස්ගේ ප්‍රධානත්වයෙන් යුත් නිදහස ජනතා සභාව තවදුරටත් නිදහස් ජනතා සන්ධානයේ සමග ඉදිරියට කටයුතු නොකරන බව දැනුම් දී ඇති බව වාර්තා වේ.

උත්තර ලංකා සභාගය, ශ්‍රී  ලංකා නිදහස් පක්‍ෂය හා නිදහස ජනතා සභාව ඇතුළු දේශපාලන පක්‍ෂ කිහිපයක් එක්ව නිදහස් ජනතා සන්ධානය නම් නව දේශපාලන සන්ධානය පිහිටුවයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close