By unusuma.lk on
(LK time)පසුගියදා සමගි ජන බලවේගයෙන් නාම යෝජනා අහිමි වී අසාධාරණයට ලක්වූ ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය ඊයේ (21) ව්‍යවසායක මොහාන් පෙරේරා මහතාගේ සභාපතිත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය (DNA) සමග එක්විය.
එම පක්‍ෂයේ සභාපති මොහාන් පෙරේරා මහතා එහිදී පවසා සිටියේ මෙවර මහ මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ලබා ගන්නා ජයග්‍රහණය අනුව ඇයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දෙන බවයි.
මෙහිදී අදහස් දක්වමින් දමිතා අබේරත්න මහත්මිය පවසා සිටියේ, තමාට සමගි ජන සන්ධානය තුළින් විශාල අසාධාරණයක් වුණු බවත් තමා දේශපාලන පක්‍ෂය ලෙස සජිත් ප්‍රේමදාස සමග හිටගත් නමුත් අවසානයේ සිය බෙල්ල කැපුණු බවත් ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය,
“කාන්තාවක් ලෙස මම අරගලය කළේ දරුවන් සහ කාන්තාවන් වෙනුවෙන්. මටත් කාන්තා හිංසනයක් සිද්ධ වුණා. කාන්තා අයිතීන්ට නිග්‍රහයක් තමයි සමගි ජන බලවේගයේ වුණේ. පෙරළිකාර චරිතවලට සජබය බයයි. ඒ වගේම මට ඒ සිදුවූ අසාධාරණය මම කාන්තාවක් ලෙස හෙලා දකිනවා. මෙය කුමන පුද්ගලයකුට සිදු වුවත් එය අසාධාරණයක්. මට සිදුවූ දේ කාන්තාවන්ට එල්ල වූ විශාල පහර ගැසීමක්. හඬක් නැති කාන්තාවන්ට හඬක් නඟන්න තමයි මේ පක්‍ෂය තෝරා ගත්තේ. ඒ සඳහා මම හිටපු කඳවුර අතහැරියා. මම සාකච්ඡා වට කිහිපයකින් පසුව මේ පක්‍ෂයට එක්වූවා. මම සජබයේ සියලුම තනතුරුවලින් ඉවත්වෙනවා. මේ මැතිවරණයේදී බහුතර බලයක් ලබා දීම භයානකයි කියා කියන්න ඕනෑ. ඒ නිසා ජනතාව වෙනුවෙන් සටන් කරන්න සමාන බලයක් දිය යුතුයි. මෙහිදී විශේෂයෙන්ම මේ පක්‍ෂය තුළ සමානාත්මතාවය තිබෙනවා. ඒ නිසා මගේ වැඩකොටස කරගෙන යන්න පුළුවන්.’