දමිතාගේ මුදල් වංචාව අධිකරණයේදී හෙළිවෙයි.!

ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා විදෙස් රැකියාවක් සඳහා යවන බව පවසා තමන්ගෙන් රුපියල් තිස් දෙලක්ෂ පනස් දහසක මුදලක් ලබාගෙන වංචාවක් කළ බවට පී.කේ. ප්‍රසන්න නම් පුද්ගලයෙකු පසුගියදා පොලීසියට පැමිණිල්ලක් කළේය.

එම පැමිණිල්ලට අනුව මෙම සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (05) දින අත්අඩංගුවට ගත් අතර ඔවුන් අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස (17) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

කරුණු සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත්වරයා සදහන් කළේ,

” මෙම සැකකරුවන් දෙදෙනා මුල් පැමිණිලිකරුගෙන් රුපියල් 3,250,000ක මුදලක් ‍වංචා කරඇති බව හෙළිවී තිබෙනවා. එසේ මුදල් භාරයට ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙම පුද්ගලයින්ට වලංගු බලපත්‍රයක් නිකුත් කරලත් නැහැ.

සැකකරුවන්ට සැබෑ ලෙසම අධිකරණයට පැමිණීමට අපේක්ෂාවක් තිබුණානම් CIDයට අදාළ පැමිණිලි විභාග කෙරුණු අප්‍රේල් 03 වැනිදා ඉදිරිපත් වෙන්න තිබුණා.මේ නිසා සැකකරුවන් ආගාමික හා විගාමික පනත යටතේ වරදක් සිදුකර ඇති බවට කරුණු අනාවරණය වෙනවා.

එමෙන්ම මේ සැකකරුවන් දෙදෙනා වෙනත් නඩු කිහිපයකටම ඇප මත මුදා හැර සිටින අය වීමත් අධිකරණයේ අවධානයට යොමුවෙනවා.”

Loading

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close