අවුරුදු සමරනවා හිරගෙදර.. දමිතා CID අත්අඩංගුවට.!

රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (04) දින අත්අඩංගුවට ගෙන ඇත.

පුද්ගලයෙකු විදෙස්ගත කරන බව පවසා රුපියල් ලක්ෂ තිහක මුදලක් වංචා කළ බවට විභාග වන චෝදනාවකට අදාලව ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟ හරිමින් සිටියේය.

කෙසේ වෙතත් අද දහවල් දමිතා අබේරත්න සහ ඇගේ සැමියා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබුණේය.

දමිතා අබේරත්න එහිදී සදහන් කළේ,

” මම හැංගුනේ නැහැ. මේ රටේ හැංගෙන්න පුළුවන් චරිතයක් නෙමෙයි මේ දමිතා. දමිතා කියන්නේ 69 ලක්ෂයක් ඡන්දෙ ගත්තු ඒ කාලකන්නි ක්‍රමයට එරෙහිව අරගල කරපු ගැහැණියක්. මම අද අධිකරණයට භාර වෙනවා. ඔය පොහොට්ටුව ඇතුළු දේශබන්දු මේ සිඟිති ආතල් එක ගන්න. මමත් අවුරුදු සමරනවා හිරගෙදර.”

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement