“රත්තරන් මල්ලී.. අපි හවස හම්බෙමු” දමිතා – හේෂා හඬපට එළියට.!

සමගි ජන බලවේගයෙන් නාමයෝජනා නොලැබුණු රංගන ශිල්පිනී දමිතා අබේරත්නට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ නාමයෝජනා දෙන බවට පොරොන්දු වූ දුරකථන සංවාදය සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි. 

රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට අපේක්ෂාවෙන් සිටි දමිතා අබේරත්නට අවසන් අවස්ථාවේ එම අපේක්ෂකත්වය අහිමි වු අතර ඇයගේ නම රත්නපුර දිස්ත්‍රික් සමගි ජන බලවේග ලැයිස්තුවෙන් ඉවත් කර ඇත.

දමිතා අබේරත්න – හෙලෝ හේෂා…

හේෂා විතානගේ  – ඔයාගේ නම ලොක්කට යැව්වා. මට ලිස්ට් එක හදලා එවන්න කිව්වා… මම හදපු ලිස්ට් එක දැන් ඔයාට එවන්නම්.

දමිතා අබේරත්න – හා එතකොට රත්නපුර ආසනයට ද ඉල්ලන්නේ.

හේෂා විතානගේ  – ඒවා මොකුත් නැහැ මම ඉරක් ගැහුවා ඔයාගේ එක තියෙන තැනට මම ඉරක් ගැහුවා. ඔයා ඒක කරගන්න ඕන ඔතනින් ලොක්කත් එක්ක.

දමිතා අබේරත්න – ආ… එතකොට ඔයා නෙවෙයි ද ඒක ඩිසයිඩ් කරන්නේ මල්ලි.

හේෂා විතානගේ – නෑ… .ලීඩර් තමයි ෆයිනල් ඩිසිෂන් එක ගන්නේ. ආසනයක් දෙනවා කියන එක තීරණය කරන්නෙත් ලීඩර්. නමුත් මගෙන් අහනවා. මෙයාට මේක දෙන්නද කියලා මගෙන් අහනවා.

හේෂා විතානගේ – මම හදවතින්ම සුබ පතනවා ඔයාට මේක ගොඩදාගන්න පුළුවන් වෙන්න කියලා.

දමිතා අබේරත්න – තැන්ක්යු රත්තරන් මල්ලි..

මල්ලි එනකොට පරක්කු වෙයිද.?

හේෂා විතානගේ – මම චුටිටක් පරක්කු වෙයි.. ඔයා වැදලා එහෙම පඩුරක් එහෙම ගැටගහලා අත්සන් කරලා එන්න..

දමිතා අබේරත්න – හිරි.. මල්ලිව අද හම්බෙන්න පුළුවන්ද.?

හේෂා විතානගේ – අපි හවස හම්බෙන්න බලමු.. බලමු නෙමෙයි අපි හම්බෙමු.. හම්බෙලා එතනින් එහාට කරන දේ කතා කරමු.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.