By unusuma.lk on
(LK time)රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය රත්නපුරයෙන් මහ මැතිවරණයට තරඟ කරනා බවට මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ මීට දින කිහිපයකට පෙරයි.
එමෙන්ම ඇය ඊයේ (10) දිනයේද මාධ්‍ය වෙත අදහස් දක්වමින් එය ස්ථිර කළේය.
එහිදී ඇය වැඩිදුරටත් පැවසූවේ තමාගේ ස්වාමියාගේ සම්බන්ධයක් රත්නපුරට පැවතීම හේතුවෙන් තමා රත්නපුර තෝරාගත් නමුත් තමාට දිවයිනේ ඕනෑම දිස්ත්‍රික්කයකින් තරඟකර ජයග්‍රහණය කළ හැකි බවයි.
කෙසේවෙතත් රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මියගේ නම රත්නපුර දිස්ත්‍රික්කයේ නාමයෝජනා ලැයිස්තුවේ සඳහන් නොවන බව වාර්තා වෙයි.
ඇය මහ මැතිවරණයේ සමගි ජන බලවේගයේ නාමයෝජනා සඳහා අත්සන් තැබීමට අද (11) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණිවිට ඇයට දැනුම්දී ඇත්තේ ඇයගේ නම එම ලැයිස්තුවේ නොමැති බවයි.