ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ස්ථීරයි.. දොර අරින්න මම එනවා.!

එළඹෙන ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට තමන් සූදානම් බව ව්‍යාපාරික, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා සදහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය යටතේ තමන් ජනාධිපතිවරණයට තරග කරන්නේ නම් ඒ සඳහා තමන් වෙත අපේක්ෂකත්වය පිරිනැමීමට සිය පක්ෂය විසින් තීරණයක් ගත යුතු බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

කෙසේ වෙතත් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම පිණිස තමන් තුළ ස්ථිර තීරණයක් පවතින බවත් ඒ සඳහා අලුතින් සූදානම් වීමක් අවශ්‍ය නොවන බවද මන්ත්‍රීවරයා තවදුරටත් සදහන් කරයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close