පොසොන් දන්සල් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්.!

පොසොන් පොහොය දිනය වෙනුවෙන් සංවිධානය කරන සියලුම දන්සල් ළඟම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල තුළ ලියාපදිංචි කර ගන්නා ලෙස මහජන සෞඛ්‍ය  පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සදහන් කරයි.

අනතුරුව අදාළ ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම දන්සල් පරීක්ෂා කරනු ඇති අතර එය බලා අවසන් වු විට අවශ්‍ය උපදෙස් සහ සහාය ලබාදෙනු ඇති බවද සභාපති උපුල් රෝහණ සදහන් කරයි.

පොසොන් පොහොය නිමිත්තෙන් වන්දනාමාන කටයුතු සඳහා ගමන් ගන්නා සියලු බැතිමතුන්ට සුරක්ෂිතව, පිරිසිදු ආහාර ලබාදීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ බවද සභාපති උපුල් රෝහණ සදහන් කරයි.

එනිසා එළඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් සංවිධානය කරනු ලබන සියලුම දන්සල් එලෙස විශේෂ පරීක්ෂාවක් සිදුකර අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බවද සභාපති උපුල් රෝහණ තවදුරටත් සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close