දන්සැල් පරිස්සමෙන්.. රෝගීන් වැඩි වීමේ ප්‍රවනතාවක්.!

මේ දිනවල දිවයින පුරා පවතින වැස්සත් සමග පාචන රෝගය වැඩි වීමේ ප්‍රවනතාවක් ඇතැයි මහජන සෞඛ්‍ය පරීකෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සදහන් කරයි.

පවතින වර්ෂාවත් සමග ජල මූලාශ්‍ර දූෂණය වීමේ අවදානම මෙයට හේතුවක් බැවින් වෙසක් බීම දන්සැල් පැවැත්වීමේදී පිරිසිදු ජලය භාවිතා කරන ලෙසද සභාපති උපුල් රෝහණ සදහන් කරයි.

වෙනත් වර්ෂ හා සැසඳීමේදී මෙවර දන්සැල් ලියාපදිංචි කිරීමේ අඩුවක් පවතින බවත් වෙසක් පෝය දිනට පෙර දින දක්වා සෑම මහජන සෞඛ්‍ය පරීකෂක කාර්යාලයක දන්සැල් ලියාපදිංචි කිරීම සිදුකරන බවද සභාපතිවරයා සදහන් කරයි.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement