ධනුෂ්ක ගුණතිලක යළිත් ක්‍රිකට් කණ්ඩායමට.!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුගිය 2022 වසරේ නොවැම්බර් මස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පනවා තිබූ තහනම ඉවත් කිරීමට පියවර ගත් බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එල්ලවී තිබූ චෝදනා සම්බන්ධයෙන් සොයාබැලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පත්කල ස්වාධීන පරීක්ෂණ කමිටුවේ නිර්දේශ අනුව එම තීරණය ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

පසුගිය 2022 වසරේ නොවැම්බර් මස ඔස්ට්‍රේලියාවේ පැවති 20 – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව ධනුෂ්ක ගුණතිලකව ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close