By unusuma.lk on
(LK time)මෙම පාර්ලිමේන්තු මැතිවරණය රටේ ප්‍රධාන පක්ෂවලට ඉතා නරකම මැතිවරණය බවත් රටේ ජනතාව ප්‍රධාන පක්ෂ සියල්ල පරාජය කළ බවද දයාසිරි ජයසේකර සදහන් කරයි.
මේ රටේ පාරම්පරික දේශපාලන පක්ෂ සියල්ල ජනතාව විසින් ඉවත දමා ඇති බවත් පාරම්පරික දේශපාලඥයන් සියලුම දෙනා ඉවත දමා ඇති බවත් නායකයන් කියාගත්ත පුද්ගලයින් ගෙදර යවා ඇති බවද දයාසිරි ජයසේකර සදහන් කරයි.
රටේ ප්‍රධාන පක්ෂ සියල්ල තමන්ගේ පුද්ගල අභිමතාර්ථ වෙනුවෙන් කටයුතු කලා මිසක තම පක්ෂයේ ශක්තිමත් කිරීමට කටයුතු නොකළ බවත් ඔවුන් සිතුවේ තමන්ගේ මතය අනෙක් සියලුම දෙනා පිළිගත යුතු බවද දයාසිරි ජයසේකර සදහන් කරයි.
අද වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වී අවසන් බවත් පොදුජන පෙරමුණ පක්ෂය ඇතුළු පක්ෂ රැසක් අවසන් වී ඇති බවත් එයට හේතුව විනයක් නොමැතිව කටයුතු කිරීම බවද දයාසිරි ජයසේකර සදහන් කරයි.