මාකුඹුර ප්‍රදේශයේ මාර්ගයක් අසල නවතා තිබූ ත්‍රිරෝද රථයක තිබී නාදුනන පුද්ගල මළ සිරුරක් සොයාගත් බව කොට්ටාව පොලීසිය සදහන් කරයි.
නවතා තිබූ ත්‍රීරෝද රථයක පිටුපස අසුනේ සැකකටයුතු ලෙස වැටී සිටි පුද්ගලයෙකු සම්බන්ධයෙන් හදිසි ඇමතුම් (119) අංකය අමතා දැනුම්දීමක් කර ඇත.
අනතුරුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ පරික්ෂා කිරීමේදී එම පුද්ගලයා මියගොස් ඇති බවට අනාවරණය වී එම මෘතදේහය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත.
එම පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් කොට්ටාව පොලීසිය විමර්ශන ක්‍රියාත්මක කර ඇති අතර එම මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැති බවද සදහන් කරයි.