පසුගිය 27වනද රාගම ශික්ෂණ රෝහලේ 21වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කන්දකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 50 හැවිරිදි රෝගයකුට එන්නතක් ලබාදීමත් සමඟ හදිස්සියේම මිය ගිය සිද්ධිය සම්බන්ධ මතභේදාත්මක තත්වයක් උද්ගත ඇති වී බව වාර්තා වේ.
එම පුද්ගලයා කො-ඇමොක්සික්ලෙව් (Co-Amoxiclav) එන්නතක් ලබාදීමෙන් පසුව මෙසේ මියගොස් ඇති අතර අදාල රෝගියාට එම එන්නත ඊට පෙර අවස්ථා 11ක දී එන්නත් කර ඇති නමුත් 12 වැනි වර එය එන්නත් කිරීමත් සමඟ ඔහු මියගිය බව එන්නත්කරණය සිදුකළ හෙදිය සිය වාර්තා වේ සටහන් කර ඇති බව ද වාර්තාවනවා.
කො-ඇමොක්සික්ලෙව් (Co-Amoxiclav) එන්නත හේතුවෙන් මේ වන විට මරණ දහයකට වඩා අධික සංඛ්‍යාවක් සිදු වී ඇති නමුත්, ඖෂධ නියාමන අධිකාරිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒවා සාමාන්‍ය තත්වයන් ලෙස බැහැර කිරීම ගැටලු සහගත බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් කියා සිටියේ.
නිසි විමර්ශනයකින් තොරව, ආසාත්මිකතා මරණ සාමාන්‍යකරණය කිරීමට දාල බලධාරීන් දිගින් දිහටම උත්සාහ ගනිමින් සිටින බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරයි.
මෙම රෝගියාගේ මරණය, සැක සහිත මරණයක් බවයි එම සංගමය වැඩිදුරටත් සදහන් කළේය.
සම්මත ක්‍රමවේදය අනුව යම් ඖෂධ ඛාණ්ඩයකින් කැපීපෙන සංකූලතා 3කට වඩා සිදු වුවහොත්, එම ඔෂධය සම්බන්ධයෙන් ගත යුතු සුවිශේෂි ක්‍රියාමාර්ග නිශ්චිතව සඳහන්ව ඇතත්, අදාළ බලධාරීන් මෙම ඖෂධය සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගැනීමට ගැටලු සහගත බවයි එම සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ.