ධීවරයින් හත් දෙනෙකුට මරණ දණ්ඩනය.!

නීතිවිරෝධී ලෙස ධීවර යාත්‍රාවක් පැහැරගෙන ධීවරයින් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ධීවරයින් හත්දෙනෙකුට කොළඹ මහාධිකරණය අද (24) දින මරණ දඬුවම නියම කර ඇත.

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකා මුහුදු තීරයේ ධීවර රැකියාවක නිරත වූ පුද්ගලයින් රැගත් ‘තේජාන්’ නැමති ධීවර යාත්‍රාව පැහැරගෙන එහි සිටි ධීවරයින් තිදෙනෙකු ඝාතනය කර තවත් ධීවරයින් කිහිපදෙනෙකුට බරපතළ තුවාල සිදුකර බෝට්ටුව පැහැරගෙන ඔස්ට්‍රේලියාවට යෑම ඇතුළු චෝදනාවලට වරදකරුවන් වූ ධීවරයින් 7 දෙනෙකුට අදාළ නියෝගය ලබාදී ඇත.

තවද මරණීය දණ්ඩනය නියම කළ අධි චෝදනා තුනට අමතරව සෙසු අධි චෝදනා 6ට එම විත්තිකරවන්ට බරපතළ වැඩ සහිත වසර 29ක සිරදඬුවම් සහ රුපියල් මිලියන 2යි රු 8500 බැගින් වූ දඩයක් ගෙවීමටද නියම කර ඇත.

මෙම නඩුවේ 10 වන විත්තිකාරිය ලෙස නම් කර තිබු විත්තිකාරිය සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමටද කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close