ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ජනපතිගෙන් දැනුම්දීමක්.!

බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සාර්ථකව සිදුකෙරෙමින් පවතින බවත් අදාළ සාකච්ඡා සැප්තැම්බර් සහ නොවැම්බර් අතර කාලසීමාවේදී නිම වෙතැයි බලාපොරොත්තු වන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.

ජපාන අගමැති ෆුමියෝ කිශිදා සමග ටෝකියෝ නුවර පිහිටි ජපාන අගමැතිවරයාගේ කාර්යාලයේදී අදහස් හුවමාරුවක් සඳහා සූදානම් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සදහන් කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 2.9ක ණය පහසුකමක් පසුගිය මාර්තු මාසයේදී ලබාගත් අතර එළඹෙන සැප්තැම්බර් මාසය වනවිට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය සැකසිය යුතු බවත් එසේ නොවුණහොත් ආර්ථිකය නැවතත් යථාතත්ත්වයට පත්වීම පමාවිය හැකි බවද විචාරකයින් සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close