රජයේ තීරණයෙන් අමාත්‍යංශ කළමනාකරණ වගකීම ලේකම්වරුන්ට.!

අධීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ව්‍යපෘති කළමනාකරණය විසින් රේඛීය අමාත්‍යංශ සමග ඒකාබද්ධව ඉහළ අයවැය ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කරනු ලබන අමාත්‍යාංශ 10ක හා ඒ යටතේ පවතින ආයතනවල අමාත්‍යංශයීය ප්‍රතිඵල රාමු සකස් කර ඇත.

මෙමගින් සෑම අමාත්‍යංශයකම ධූරාවලි වගකීම් සමග අනුගත වෙමින් අදාළ ආයතනයන්හි විෂය පථයන් තුළ සංවර්ධන ඉලක්කයන් කාලීනව සාක්ෂාත් කර ගැනීම සහ අපේක්ෂිත ප්‍රතිලාභ අත්කර ගැනීමත් ජනතා අවශ්‍යතාවන් කඩිනමින් ඉටු කිරීම සඳහා සිදු කරනු ලබන ආයෝජනයන්හි ඵලදායීතාව මිනුම් කළ හැකි ප්‍රතිඵල සඳහා යොමු වූ ආයතන ව්‍යුහයක් මෙමගින් ඇතිවනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

අමාත්‍යංශයීය ප්‍රතිඵල රාමුවල අන්තර්ගත ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීමේ වගකීම අදාළ රේඛීය අමාත්‍යංශ වල ලේකම්වරුන් වෙත පැවරීමටත් එම කටයුතුවල කාර්යසාධන අධීක්ෂණය කිරීම ජාතික මෙහෙයුම් මැදිරිය වෙත පැවරීමට රජය තීරණය කර ඇත.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement