ගුවන් පාලමේ ගිනිගත් මෝටර් රථය.!

අද රාත්‍රියේ දෙහිවල ගුවන් පාලම මත ගමන් කරමින් සිටි මෝටර් රථයක් හදිසියේම ගිනිගැනීමට ලක්වී ඇත.

ගිනිගන්නා අවස්ථාවේදීම මෝටර් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයා ඉන් පිටතට පැන දිවි බේරාගැනීමට සමත්ව ඇති බව පොලීසිය සදහන් කරයි.

මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ දෙකක් පැමිණ ගින්න නිවාදැමීමට කටයුතු කර ඇති අතර මෙම ගින්නට හේතුව මෝටර් රථයේ ඇතිවූ විදුලි කාර්මික දෝෂයක් බවට සැක පළ කරයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close