දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයේ වාර්තා එළියට.!

අද (04) දින රටේ ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනයේ සිදුකළ පරීක්ෂණ වලදී හමුවු රජයේ රස පරීක්ෂක වාර්තාව එම මරණයට හේතු සෙවීම සඳහා පත්කළ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව වෙත යොමුකරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි.

අද දින මරණ පරීක්ෂණය කැඳවූ අවස්ථාවේදී මියගිය අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න විසින් කරන ලද ඉල්ලීමක් සලකාබැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය විසින් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත මෙම නියෝගය නිකුත් කළාය.

මෙම මරණකරුගේ දෑත් බැඳ තිබූ ටයි පටියකින් සිදු වූ තුවාල පිළිබඳව රජයේ රස පරීක්ෂක වාර්තාවක් ඉදිරිපත් කර තිබෙන බවත් එම වාර්තාව විමර්ශන කටයුතු සඳහා පංච පුද්ගල වෛද්‍ය කමිටුව වෙත යොමුකරන ලෙසද ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව නිගමනය කිරීම සඳහා මහෙස්ත්‍රාත්වරිය විසින් අධිකරණ වෛද්‍ය හා වොහාරික විශේෂඥ වෛද්‍යවරුන් ගෙන් සමන්විත පංච පුද්ගල කමිටුවක් පත්කර ඇති අතර අතිරේක මහෙස්ත්‍රාත්වරිය මෙම පරීක්ෂණය යළි ලබන 24 වනදා කැඳවන ලෙස නියෝග කළාය.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close