ඩෙංගු උවදුර දරුණු අතට.. ගුවනින් රසායන ද්‍රව්‍ය ඉසීමේ මෙහෙයුමක් අරඹයි.!

මේ වන විට ඩෙංගු උවදුර දරුණුවී ඇති අතර මේ වසරේ මේ දක්වා පමණක් ඩෙංගු රෝගීන් 35,419 දෙනෙක් වාර්තා වී ඇත.

ඉන් වැඩිම රෝගීන් සංඛාවක් වන රෝගීන් 7,978 දෙනෙක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර කොළඹ හා කළුතර දිස්ත්‍රික්ක වලින්ද මෙලෙසම විශාල වශයෙන් රෝගීන් වාර්තා වේ.

මෙම නව වැඩසටහන පිළිබදව බස්නාහිර පළාත් කීට විද්‍යාඥ අයේෂා සරත්චන්ද්‍ර සදහන් කළේ, බස්නාහිර ප්‍රදේශයේ ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ට ළඟාවිය නොහැකි උස් ගොඩනැගිලිවල ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගනිමින් පරීක්ෂා කිරීම සිදුකරන බවයි.

එවැනි ගොඩනැගිලිවල මදුරු කීටයන් බෝවිය හැකි වතුර රැඳී තිබෙන ස්ථානවෙත ගුවනේ සිට ඩ්‍රෝන කැමරාව උපයෝගී කරගනිමින් BTI කැට යොදන ලද රසායනික ද්‍රව්‍ය ඉසීමද මෙහිදී සිදු කරනු ලබන බවද සදහන් කරයි.

ජලය ඉවත් කරන්න බැරි තැන්වලට කීට නාශක ඉසින බවත් එම රසායනික ද්‍රව්‍ය යෙදීම මගින් ඉන්න මදුරු කීටයොත් විනාශ වන බවත් ඒ තැන්වල මදුරුවන් ආපසු අලුතිත් බිත්තර දැමීමක් සිදුකරන්නෙත් නැති බවද බස්නාහිර පළාත් කීට විද්‍යාඥ අයේෂා සරත්චන්ද්‍ර සඳහන් කරයි.

ජනතාව තම අවට පරිසරය පිළිබදව අවධානයෙන් සිටිය යුතු බවත් අවට පරිසරය පිරිසිදුව තබාගැනීමට කටයුතු කිරීම ඉතාම වැදගත් බවද බස්නාහිර පළාත් කීට විද්‍යාඥ අයේෂා සරත්චන්ද්‍ර සඳහන් කරයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close