PHI ගැන සැලිකිල්ලෙන්..මදුරු මර්දන සහයකයින් ලෙස පැමිණ නිවස කොල්ලකයි.!

හොඳින් හැඳ පැළඳ අත ෆයිල් කවර සහ ලිපිලේඛන අතැතිව ඩෙංගු මර්දන සහයකයින් ලෙස පැමිණි තිදෙනෙකු විසින් මෙම කොල්ලකෑම සිදු කොට ඇත.මෙම කොල්ලකරුවන් තිදෙනා අසල්වාසීන්ට කිසිදු සැකයක් ඇති නොවන පරිදි කොල්ලකෑම සිදු කර අවට නිවෙස් කිහිපයක ද මදුරුවන් බෝ වන ස්ථාන පරීක්ෂා කර බලා පිටත්ව ගොස් ඇත.

මොවුන් තිදෙනා කැස්බෑව බටුවන්දර මෙම නිවසකට වෙස් වලා ගෙන පැමිණ 73 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක්ගේ අත් පා බැඳ දමා රන් භාණ්ඩ කොල්ලකා පලාගොස් ඇතැයි  කැස්බෑව පොලිසිය කියයි.

පැමිණි කොල්ලකරුවන් රුපියල් ලක්ෂ 13 කට අධික වටිනා රන්මුදු, රන්මාල ,රන් වළලු හා ජංගම දුරකථනයක් කොල්ල කා පලාගොස් ඇත.කැස්බෑව පොලිසිය මෙම මංකොල්ලකරුවන් සොයා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close