තැපෑල නිවාඩු දිනයෙත් වැඩ.!

අලුත් අවුරුදු සමයට අදාලව මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී ඇති ඉතිහාසයේ වැඩිම භාණ්ඩ ප්‍රමාණය කිසිදු ප්‍රමාදයකින් තොරව බෙදාහැරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර සදහන් කරයි.

ඒ අනුව අප්‍රේල් (12) වැනිදා රජයේ නිවාඩු දිනයක් වුවත් එදින රාජකාරි කිරීමට තැපැල් සේවකයන් එකඟතාවය පළකර ඇති බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර සදහන් කරයි.

විදෙස් රටවල සිටින ජනතාව මෙරට ඥාතීන් වෙත විශාල භාණ්ඩ ප්‍රමාණයක පාර්සල් එවා ඇති බවත් තැපැල් දෙපාර්තමේන්තුවේ වගකීම එම භාණ්ඩ නිසි වෙලාවට ඒ අදාළ තැනට යොමු කිරීම බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement