මත්පැන් ගැන පොලිස්පති දැඩි තීරණයක් ගනී.!

රටේ ජනතාවගේ මනසින් පාතාලය සහ මත්ද්‍රව්‍ය තුරන් කරන බවත් 2025 වසර වනවිට පාතාලය සහ මත්ද්‍රව්‍ය අවසන් කරන්නට සැලසුමක් ඇති බවද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සදහන් කරයි.

අනෙක් වැඩ සියල්ල පසෙක තබා පොලීසියත් පොලිස් විශේෂ කාර්ය බළකායත් මුලුමනින්ම පාතාලය සහ මත්ද්‍රව්‍යවලට විරුද්ධව මම පෙළගස්වන බවද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සදහන් කරයි.

රටේ ජනතාවගේ පවුල් ජීවිත සහ දරුවන්ගේ අනාගතය විනාශ වීමට බලපා තිබෙන මත්පැන් සම්බන්ධයෙන් අවධානය යොමුකර දෙවැනි පියවර ලෙස ක්‍රියාත්මක කරන බවද පොලිස්පතිවරයා සදහන් කරයි.

පොලිස්පතිවරයා තවදුරටත් සදහන් කළේ,

“මේ රටේ පාතාලයයි මත්ද්‍රව්‍යයි 2025 අවුරුද්ද ලබද්දී ඔය දෙකම මේ රටේ මිනිසුන්ගේ මනසින් මම අයින් කරලා පෙන්වනවා. පොලීසියත් පොලිස් විශේෂ කාර්ය බළකායත් මුලුමනින්ම පාතාලය සහ මත්ද්‍රව්‍යවලට විරුද්ධව මම පෙළගස්වනවා. අනෙක් වැඩ සියල්ල පසෙක තබා.

ඉදිරි කාලයේදී සම්පූර්ණ ශක්තියම යොදවලා මම මේක නැති කරලා තමයි අනෙක් වැඩවලට අත තියන්නේ. කරන්න තව වැඩ ගොඩක් තියෙනවා. අපේ රටේ ජනතාවගේ පවුල් ජීවිත. දරුවන්ගේ අනාගතය. විනාශ වෙන්න බලපා තිබෙන දේවල් තමයි මත්පැන් පානය. දෙවැනි පියවරේදී ඒවට අතගහනවා.”

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close