දේශබන්දුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්.!

මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් සම්බන්ධයෙන් කරුණු විමසීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට හෙට (05) දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇත.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු පිරිසක් ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති පෙත්සම් අද (04) කැඳවනු ලැබූ අවස්ථාවේදී අග විනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම නියෝගය නිකුත් කර ඇත.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement