පසුගිය අරගල සමයේ ජනාධිපති මන්දිරයේ නිදන කාමරයේ තිබී තිබූ සොයා ගත් මුදල් අධිකරණයට ඉදිරිපත් නොකර ඇමැතිවරයකුට බාර දෙන ලෙසට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමසිංහ බලපෑම් කළ බව සදහන් කරයි.
කළැයි කියන එම බලපෑම ගැන අධිකරණයට කරුණු වාර්තා කිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තමාට තර්ජනය කළ බව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමසිංහ අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙයි.
‘ඔයා ගැන ඉස්සරහට බලාගන්නම්’ ආදී වෂයෙන් තමාට දුරකථන ඇමතුම් හරහා තර්ජනය කළ බවත්, තමා ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට දැනුම් දුන් බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමසිංහ සදහන් කරයි.
දේශබන්දු තෙන්නකෝන් ඉදිරියේ දී තමාගෙන් පළිගැනීම සඳහා වෙනත් යම් සිදුවීමකට පටලවතියි හෝ තමාගේ හෝ පවුලේ උදවියගේ ජීවිතයට යම් අනතුරක් යැයි බියෙන් පසුවන බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමසිංහ සදහන් කරයි.
නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ තර්ජනය සම්බන්ධයෙන් තමා සටහන් යොදා ඇති බවත්, ඒ ගැන ඉදිරියේ දී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමසිංහ අධිකරණයට දැනුම් දෙයි.
නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයාට තර්ජනය කිරීම සම්බන්ධයෙන් දුරකතන විශ්ලේෂණ වාර්තා ලැබුණු පසු සලකා බලන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා සදහන් කරයි.