විපක්ෂ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ඉදිරියේදී ජනාධිපතිවරයාට සහාය දැක්වීම සඳහා වත්මන් ආණ්ඩුවට එක්වනු ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සදහන් කරයි.
බොරුවට මෙතෙක් සතුරා බෙදී සිටි බවත් මේ වන විට ගිලිහෙමින් යන සතුරු බලය ආරක්ෂා කර ගැනීම සඳහා සතුරා සමග එක් වීමට බලා සිටින බවද ජන හමුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක සදහන් කරයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ආණ්ඩුවට එන්නේ නම් තමන්ගේ ඕනෑම තනතුරක් ලබාදීමට සූදානම් බවත් තමන් දරන නියෝජ්‍ය නායක තනතුරුද සජිත් ප්‍රේමදාසට අවශ්‍ය නම් ලබා දිය හැකි බවද එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සදහන් කරයි.
කෙසේ වෙතත් විපක්ෂ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු මුදලට තම මන්ත්‍රීකම් පාවා නොදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජන හමුවකට එක්වෙමින් සදහන් කරයි.