නව සීමා නිර්ණ වාර්තාව බාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේ,
“අපේ රටේ කාලා ඇඳලා ඉන්න මැතිවරණයක් ඕනෑ නෑ කියා කියනවානම් මෙහෙම රටක ඉන්නවට වඩා හොඳයි බෝට්ටුවකින් හරි පැනලා යනවා’
සීමා නිර්ණ වාර්තා මඟින් දැනට මැතිවරණය සදහා නාම යෝජනා භාරදී ඇති පළාත් පාලන මැතිවරණයට බාධාවක් සිදු නොවන බව සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කරයි.
මැතිවරණය පැවැත්වීම හෝ නොපැවත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සාකච්ඡා කර තීරණයක් ගත යුතු බවද සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කරයි.
සීමා නිර්ණ අනුව පළාත් පාලන ආයතන සභිකයින් 4714 දෙනෙකු තෝරා ගැනීමට නියමිත බවත් දැනට එම සංඛ්‍යාව 8356ක් වන බවද සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කරයි.
එහෙත් මෙම ගණන ඉදිරියේදී වෙනස් විය හැකි බවත් ඊට හේතු වී ඇත්තේ තේරී පත් වන අපේක්ෂකයන් ගණන මැතිවරණ කොමිසන් සභාව විසින් තීරණය කරන නිසා බවද සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කරයි.