දෙවුන්දර තුඩුවේ රේඩාර් සවි කරන්න චීනය සැරසෙයි.!

දෙවුන්දර තුඩුව ප්‍රදේශයේ රේඩාර් පද්ධතියක් පිහිටුවීමට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකාවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට චීනය සූදානම් වන බව ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත.

චීන විද්‍යා ඇකඩමියේ අභ්‍යවකාශ තොරතුරු පර්යේෂණ ආයතනය මෙම ව්‍යාපෘතිය මෙහෙයවීමට ඉඩ ඇති බවද ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

එම රේඩාර් පද්ධතියේ අරමුණ ඉන්දියානු සාගර කලාපය තුළ ඉන්දියාවේ හැසිරීම සහ ඉන්දියානු නාවික හමුදාවේ ක්‍රියාකාරකම් පිළිබඳ නිරීක්ෂණය කිරීම බවද ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත.

චීනය එම බලාපොරොත්තු වන රේඩාර් පද්ධතියේ අනෙක් අරමුණ දියේගෝ ගාර්සියා දූපතේ ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය හමුදා ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම බවද ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close