ඔස්ට්‍රේලියාවේ කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර තිබුණේය.
අද (06) දිනයේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි ඩව්නිං සෙන්ටර් අධිකරණයේදී ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඇති නඩුව යළි කැඳවු අවස්ථාවේදී අධිකරණය නිකුත් කර තිබු එම නියෝගය ඉවත් කිරීමට කටයුතු කර ඇත.
ඔස්ට්‍රේලියානු 29 හැවිරිදි තරුණියක් ගොනුකළ ලිංගික අතවර කිරීම චෝදනා සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අදාළව ධනුෂ්ක ගුණතිලකව පසුගිය නොවැම්බ්ර් මස 06 වෙනිදා ලංකා ක්‍රිකට් කණ්ඩායම රැඳී සිටි හෝටලයේදී අත්අඩංගුවට ගත්තේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩුව යළිත් එළඹෙන අප්‍රේල් 27 වනදා කැඳවීමට නියමිතව ඇත.