ඩයනා ගමගේ හිටපු රාජ්‍යය ඇමතිනී පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නීත්‍යානුකූලව නුසුදුසු බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා ලබාදුන් තීන්දුව අනුව ඇයගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන සඳහා සමගි ජන බලවේගයෙන් පත් කෙරුණු මුජබර් රහුමාන් මන්ත්‍රීවරයා අද පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.
මේ අතර මාධ්‍ය හමුවක් කැඳවමින් සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් ප්‍රකාශ කළේ රාජ්‍ය අමාත්‍යවරියක ලෙස ඩයනා ගමගේ නඩත්තු කිරීමට ගිය මුදල නැවත රජයට අය කර ගත යුතු බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත්,
“ඩයනා ගමගේ ලංකාවේ බදු ගෙවන ජනතාවගේ බදු වලින් වරප්‍රසාද ලබලා තියෙනවා, ඉතින් මේ මුදල් වංචනිකව තමයි ජනතාවගෙන් ලබාගෙන තියෙන්නේ, ඒ මුදල් නැවත රජයට අය කරගන්න රජය කටයුතු කරන්න ඕන, ඊට පස්සේ ඇයව මේ රටෙන් විදේශ පුරවැසියෙක් හැටියට පිටුවහල් කරන එකට අපිට කිසිම විරෝධතාවයක් නැහැ, ඒ වගේම ඩයනා ගමගේ මට චෝදනාවක් කරනවා පැහැදිලිවම මගේ පිටිපස්සේ ස.ජ.බ ඉන්නවා, මේක කුමන්ත්‍රණයක් කියලා ඇත්තටම නෑ අභිනව නිවහල් පෙරමුණ කියන්නේ ස්වාධීන වෙනම පක්ෂයක්, අපි ස.ජ.බ වෙනුවෙන් වැඩ කරන්නේ නෑ, සජිත් ප්‍රේමදාස ඇයි ඩයනට විරුද්ධව වචනයක්වත් නොකියන්නෙ ඒ එයාලගෙ ගණුදෙනු හින්දා, ස.ජ.බ ඩයනගේ කටට බයයි.”
එමෙන්ම හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ ස්වාමිපුරුෂයා වන අපේ ජාතික පෙරමුණේ හිටපු සභාපති සේනක ද සිල්වා මහතාද අද කොළඹදී ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් කියා සිටියේ,
“ඩයනා ගමගේ මහත්මිය ශ්‍රී ලංකාවේ ඉපදිලා වයස 16දී තමයි ලංකාවෙන් යන්නේ, ගිහිල්ලා බ්‍රිතාන්‍ය පාස්පෝට් එකක් ගත්තා කියලා විදේශීය කාන්තාවක් වෙන්නෑ, ඇය නැවත ඒ පාස්පෝට් එක භාර දීලා තමයි ලංකාවට එන්නේ මේ සියලු වැඩ කටයුතු කරන්න, මම යෝජනා කරනවා ජනාධිපති තුමාට බ්‍රිතාන්‍ය කාන්තාවක් හැටියට මේ ඩයනා ඇවිල්ලා මේ රටට කරපු සේවයට ඕල්කොට් මහත්තයාට දුන්නා වගේ ආර්තර් සී ක්ලාක් මහත්තයාට දුන්නා වගේ තව අවුරුදු 10ක් පිටිපස්සට දාලා රටේ පුරවැසිකම දෙන්න පුළුවන් කිසි ප්‍රශ්ණයක් නැතුව, තව කතාවක් යනවා ඩයනට දුන්නු වැටුප් සහ දීමනා නැවත ගන්න කියලා, නමුත් ඩයනගේ තියන ඉගනුම සහ දැනුම හැටියට ඇය වගේ බ්‍රිතාන්‍ය කාන්තාවක් ගෙනල්ලා සේවය කරන්න කිව්වොත් ලක්ෂ 100ක් වත් ගෙවන්න වෙනවා මාසෙකට, ඒ නිසා නඩුවක් ගියොත් පාර්ලිමේන්තුවටයි රටේ ජනතාවටයි වෙන්නෙ ඩයනට ගෙවන්න”
එමෙන්ම සමගි ජන බලවේගය පක්ෂයේ බලය සම්බන්ධයෙන් ද සේනක ද සිල්වා වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළා,
“සමගි ජන බලවේගය නායකයා විදියට හිටියේ මම, මම ඒක සජිත්ට බාරදුන්නා, ඒ ගිවිසුමේ සභාපති හැටියට මම අත්සන් කරලා තියෙනවා, ලේඛම් හැටියට ඩයනා ගමගේ අත්සන් කරලා තියෙනවා, ඊට යටිත් තමයි සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බංඩාර අත්සන් කරලා තියෙන්නේ, අපිට ඕනෙනම් පුලුවන් සජිත්ගේ නායකත්වය පිලි නොගන්න තැනට මේක ගෙනියන්න, අපි ඕනෙ වෙලාවට ඒ තුරුම්පුව දාන්නම්.
හොඳ ලස්සන නඩු තීන්දු ටිකක් ඉදිරියේදී බලාගන්න පුලුවන්, එතුමට ජනාධිපති අපේක්ෂකයා විදියට ඉදිරිපත් වෙන්න පුලුවන්, හැබැයි ටෙලිෆෝන් එක ලකුණෙන් නෙවේ මොකද අපි මේ පක්ෂේ බලය ආපහු ගන්නවා”
මේ අතර තමන්ව සමගි ජන බලවේගයෙන් නෙරපීමට ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය ඇමති ඩයනා ගමගේ විසින් ඉදිරිපත් කර තිබු පෙත්සම අද යළි කැඳවනු ලැබුවා ඒ ගාමිනී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ මහින්ද සමරවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධික විනිසුරු මඩුල්ලක් ඉදිරියේ, එහිදී අදාල පෙත්සම මැයි 28 වන දා කැඳවන ලෙස නියෝග කළ විනිසුරු මඩුල්ල එදිනට පෙත්සම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තීරණය දැනුම් දෙන බව පැවසූවා