අනුරගේ වශී බෝලය මහින්දගේ බෝලයට වඩා බලවත්.!

හොරු ඇල්ලීමට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායකට තමන් වඩා කැමැති බවත් අගමැති හරිනි අමරසූරිය ගැන මගේ හිතේ ධනාත්මක සිතිවිල්ලක් තිබෙන බවද හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සදහන් කළාය.

ජනාධිපති අනුර කුමාර දිසානායක ළඟ වශී බෝලයක් තිබෙන බවත් එම වශී බෝලය මහින්ද රාජපක්ෂගේ වශී බෝලයට වඩා ගොඩක් බලවත් බවද හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ සදහන් කළාය.

හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ තවදුරටත් සදහන් කළේ,

“මයික් පැලෙන කතා කියලා බලයට ආවා වගේ නෙමෙයි ජනතා අභිලාෂයන් ජනතා සිත් සතුටු වෙන අයුරින් ඉෂ්ට කිරීම හරිම අමාරු කාර්යයක්. කොහොම වුණත් ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයාට මම සුබ පතනවා. මෙතුමාට රට නිවැරැදි දිශාවකට යොමු කිරීමට පුළුවන් වේවා කියලා හිතනවා.”

කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මේ බව සදහන් කළාය.

Loading

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments